ඔස්ටේ්‍රලියාවට එරෙහි 02 වන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 151 ක් පමණයි.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 59 කට කඩුලූ 6 ක් දවාගත්තා.

තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ඔහුයි.

ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව ඔස්ටේ්‍රලියා කණ්ඩායම ඉනිමකින් පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.

ඒ ඔස්ටේ්‍රලියාවට එරෙහි 02 වන ටෙස්ට් තරගයේදීයි. පන්දු 316 කදී 04 පහර 16 ක් සහ 06 පහර 05 ක් සමගින් ඔහු ළකුණු 200 සීමාව ඉක්මවා ගියා. මේ අතර ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 554 කට අවසන් වුනා. දිනේෂ් චන්දිමාල් නොදැවී 206 යි.

දිමුත් කරුණාරත්න 86 යි. කුසල් මෙන්ඩිස් 85 ක් ලබාගත්තා. මිචෙල් ස්ටාර්ක් ළකුණු 89 කට කඩුලු 04 ක්ද මිචෙල් ස්වප්සන් ළකුණු 103 කට කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »