ඔස්ටේ්‍රලියාව තුළ අමතර මිලියන 7.5 කට අද සිට කොවිඩ් මර්දන 04 වන එන්නත

ඔස්ටේ්‍රලියාව තුළ අමතර මිලියන 7.5 කට අද සිට කොවිඩ් මර්දන 04 වන එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට ඔසු සැලකින් හෝ GP වරයෙකු මගින් මෙම එන්නත් මාත්‍රාව ලබා ගත හැකි වනවා.

ඔවුන් මීට මාස 03 කට ඉහතදී 03 වන මාත්‍රාව ලබා සිටිය යුතු වනවා.

04 වන මාත්‍රාව සඳහා ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් අතුරින් ඕනෑම එකක් ලබාගත හැකියි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් සතියකට කොවිඩ් මරණ 300 ඉක්මවා සටහන් වන තත්වයකුයි දක්නට ලැබෙන්නේ.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »