දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට – කොටුවේ අරගලකරුවන් පිරිසකට කඳුලු ගෑස්

කොළඹ කොටුවේ විරෝධතාවයක නිරත අරගලකරුවන් පිරිසකට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව සඳහන්.

ජනාධිපතිවරයාට – අගමැතිවරයාට සහ සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බලකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට කොළඹ නගරයට පැමිණෙමින් සිටිනවා.

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළද දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

වාර්තාකරුවන් සඳහන් කලේ දුම්රිය ස්ථාන වෙත මේ වන මගීන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි.

මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි මගීන්ගේ දැඩි ඉල්ලීම හමුවේ කොළඹ බලා දුම්රියක් ගමන් ආරම්භ කරවීමට සිදුව තිබුණා.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »