නාමල්ගේ බිරිද – දරුවා රටින් පිටවෙයි

හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ රටින් පිටව ගොස් තිබේ.

ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත් ගොස් ඇතැයි වාර්තා වෙයි.

සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් ඇය කටුනායක ගුවන්තොටුපලන් මෙසේ පිටත්ව ගොස් ඇත.

ඇය ගුවන් තොටුපළට ඇතුළුවීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ගුවන් තොටුපල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ ගත වීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

කොළඹ මූලික කරගෙන පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ඒ මහතා මෙසේ විදේශ ගත වනු ඇතැයි එම වාර්තාවන් සඳහන් කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කළේ ජනාධිපතිවරයා මේ මොහොතේත් ශ්‍රී ලංකාවේ සිටින බවත් විදේශගතවීම සඳහා සූදානමක් නැති බවත්ය.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කර ඇත.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »