Breaking : වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මියයයි

ජපානයේ නරා නගරයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ එරට හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බවයි ජපාන වාර්තා සඳහන් කලේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු එරට සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ හිටපු නිලධාරියෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

67 හැවිරිදි ෂින්සෝ අබේ 2006 වසරේ සිට 2007 වසර දක්වාත්, යළිත් 2012 වසරේ සිට 2020 වසර දක්වාත් ජපානයේ අග්‍රාමා්‍යවරයා ලෙස කටයුතු කලා.

2020 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ෂින්සෝ අබේ සැළකෙන්නේ ජපාන ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙසයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »