ඔස්ටේ්‍රලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු වික්ටෝරියා ප්‍රාන්තයෙන්

පසුගිය මැයි මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 480,000 ක් පැවති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසනවා.

එය පෙබරවාරි මාසය හා සැසඳීමේදී පුරප්පාඩු 58,000 ක පමණ ඉහළ යාමක්.

2020 වසරේ පෙබරවාරි මාසයේ සංඛ්‍යාලේඛණ විශ්ලේෂණයේදී මෙම වසරේ මැයි මාසයේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තමන් සතුව එක් පුරප්පාඩුවක් හෝ ඇතැයි සඳහන් කල ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවද කොවිඩ් තත්වය ආරම්භයේ සිට මේ දක්වා සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරනවා.

කොවිඩ් තත්වය හමුවේ බොහෝ පිරිසක් රැකියාවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමත් නැවත එම පුරප්පාඩු සතුටුදායක අන්දමින් සම්පූර්ණ නොවීමත් මෙම තත්වයට බලපා තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන් වන අතර එහි ප්‍රතිශතය සියයට 18 ක්.

නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත රැකියා පුරප්පාඩුවලින් සියයට 12 කට හිමිකම් කියමිනුයි.

මුලු ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින්නේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ (Retail) වන අතර එහි ප්‍රතිශතය සියයට 38 ක්.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »