අද සිට superannuation දීමනාවද ඉහළට – විශ්‍රාම යාමේදී අමතර $15,000 ක්

ඔස්ටේ්‍රලියානු සේවකයන් සඳහා අද සිට superannuation දීමනාවද ඉහළ යනවා.

ඒ අනුව මෙතෙක් සියයට 10 ක් ලෙස පැවති superannuation ප්‍රතිශතය සියයට 10.5 ක් දක්වා වැඩි වන අතර විශ්‍රාම යාමේදී සියයට 03 ක පමණ අමතර මුදලක් ඔවුන්ට ලැබීමට නියමිතයි.

එනම් සාමාන්‍ය වැටුපක් ගන්නා ඔස්ටේ්‍රලියානු සේවකයෙකුට ඩොලර් 15,000 ක පමණ අමතර මුදලක් විශ්‍රාම යාමේදී ලැබෙනු ඇති.

2025 වසර වනවිට superannuation ප්‍රතිශතය සියයට 12 දක්වා ඉහළ දැමීමටද නියමිතව තිබෙනවා.

එසේ වුවහොත් විශ්‍රාම යාමේදී හිමිවන අමතර මුදල ඩොලර් 76,000 ක් පමණ වනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »