අද සිට වෙනස්වන ඔස්ටේ්‍රලියාවේ Student වීසා නීති

ඔස්ටේ‍රලියාවේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා, නිබන්ධන හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට නොහැකි නව කොන්දේසිය අද සිට බලාත්මක වනවා.

ශිෂ්‍ය වීසා 500 වීසා උප ඛාණ්ඩයට මෙය අදාළ වන බවයි ස්වදේශ අමාත්‍යංශය නිවේදනය කලේ.

කෙසේවෙතත් අදට පෙර හිමිවන ශිෂ්‍ය වීසාවලට මෙම නීති අදාළ වන්නේ නැහැ.

ඒ අනුව පහත අධ්‍යයන අංශවල නිරතවන සිසුන්ට අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

graduate certificate
graduate diploma
master’s degree
doctorate
ශාස්ත්රපති උපාධියක් (master’s degree) හෝ ආචාර්ය උපාධියක් (doctorate) සඳහා අධ්යයන හෝ පර්යේෂණ පාඨමාලාවක් සඳහා prerequisite හෙවත් පූර්ව අවශ්යතාවයක් ලෙස අවශ්ය ඕනෑම bridging course එකක්

කිසියම් පාඨමාලාවක් වෙනස් කිරීම ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව තර්ජනයක් වීමට ඉඩක් නොමැති බවට ස්වදේශ අමාත්‍යවරයා විසින් නිසි තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණක් ඒවා වෙනස් කිරීමට අනුමැතිය දීමට ප්‍රතිපාදන හිමිවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »