නිවු සවුත් වේල්ස් ප්‍රවාහන සේවා අද සියයට 70 කින් බිඳවැටේ

සිඩ්නි ඇතුලු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රවාහන සේවා අද දිනයේදි සියයට 70 කින් පමණ බිඳවැටෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් ඊයේ ලබාදෙන ලද පොරෙන්දු නොතකා ප්‍රවාහන සංගම් විසින් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කිරීමත් සමගයි.

ඇතැම් දුම්රිය අවලංගු වීමට හෝ ඇතැම් දුම්රිය සේවා ප්‍රමාදවීම මෙමගින් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන සංගම් ඉල්ලා සිටින එක් ඉල්ලීමක් වන සේවා වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 264 ක මුදලක් වෙන් කරන බවට ප්‍රාන්ත රජය විසින් ඊයේ පොරොන්දුවක් ලබාදි තිබුණා.

ඒහෙත් එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි වෘත්තිය සංගම් අවධාරණය කරන්නේ.

මේ අතර නිවු සවුත් වේල්ස් හි ගුරුවරුන් ද අද වර්ජනයට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »