වික්ටෝරියා නොමිලේ flu එන්නත් ලබා ගැනීම ජූලි 10 දක්වා දීර්ඝ කරයි

ඔස්ට්‍රේලියාව තුළ නව COVID-19 ආසාදන ඉහළ යන බැවින් තමන්ගේ තුන්වන හෝ හතරවන බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය උපදේශවලට අනුව අවම වශයෙන් එන්නත් මාත්‍රා තුනක්වත් නොමැති නම් මිනිසුන් Omicron ප්‍රභේදයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා නොවන බව ඔහු පැවසීය.

තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා සඳහා ඇති එන්නතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්ෆ්ලුවන්සා රෝගයට සම්බන්ධ රෝගී තත්ත්වයක් ඇතිව රෝහල් ගත කරන පුද්ගලයින්ගෙන් 60% ක් පමණ වයස අවුරුදු 16 සහ ඊට අඩු ළමුන් බවද ඔහු පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් නොමිලේ flu එන්නත් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 30 සිට ජූලි 10 දක්වා දීර්ඝ කර ඇත.

ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට ඔවුන්ගේ flu එන්නත් ජූලි 6 දක්වා නොමිලේ ලබා ගත හැකිය.

-SBS-

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »