සිඩ්නි නගර කවුන්සිලයක් සියලු මාර්ගවල උපරිම වේගය 40 කරන්න යයි

තම නගර සභා බල ප්‍රදේශයේ සියලුම මාර්ගවල රථවාහන ධාවනය කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40 දක්වා අඩු කිරීමට සිඩ්නි  Inner West කවුන්සිලය සුදානම් වනවා.

විශේෂයෙන් මහමග ගන්නා පදිකයන්ගේ ආරක්ෂාව සළකා මෙම පියවර ගැනීමටයි ඔවුන් සූදානම් වන්නේ.

උපරිම වේගය පැයට කිලෝමීටර් 10 කින් අඩු කිරීම යනු මාරක රිය අනතුරු සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරිමක් බවයි  Inner West කවුන්සිල බළධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළකරනවා.

පැයට කිලෝමීටර් 40 ක් වැනි අඩු අගයකින් රිය ධාවනය කලහොත් මහමග රැඳීසිටීමට සිදුවන කාලය වැඩිවන බවයි ඔවුන් අවධාරණ කරන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »