වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ඇතුලු ඇමතිවරුන් 04 ක් ඉල්ලා අස්වීමට සැරසෙයි

මෙම වසරේ පැවැත්වෙන වික්ටෝරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට වික්ටෝරියා හි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 04 දෙනෙකු තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අගමැති ජේම්ස් මර්ලීනෝ – සෞඛ්‍ය ඇමති මාර්ටින් ෆොලී – පොලිස් ඇමතිනී ලීසා නෙවිල් සහ ක්‍රීඩා හා සංචාරක ඇමති මාර්ටින් පකුලා මීට අයත්.

ඔවුන් 04 දෙනාම අද පාර්ලිමේන්තුවේදී ඒ බව දැනුම් දී ඇතැයි සඳහන්.

මෙම ඉල්ලා අස්වීම්ද සමග වික්ටෝරියා ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඒ අනුව වසර 04 ක් තුළ වික්ටෝරියාවට 04 වන සෞඛ්‍ය ඇමතිවරයාද පත්වනු ඇති.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මෙම ඉල්ලා අසවිීම් හෙට දිනයේදී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.

 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »