බෝට්ටුවලින් ලංකාවෙන් එන කිසිවෙකුත් පදිංචි කරන්නේ නෑ – අගමැතිගෙන් දැඩි ස්ථාවරයක්

බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පැමිණෙන කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ පදිංචි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි බවත් දේශ සීමා ආරක්ෂණය පුලුල්ව ක්‍රියාත්මක බවත් මෙල්බන් නුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලා.

මෙලෙස පැමිණෙන අයගෙන් බහුතරයක් ස්ථිර පදිංචිය ලැබේ යැයි වැරදි වැටහීම් මත පැමිණෙන අය බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් කිසිදු ලිහිල් කිරීමක් සිදුකර නොමැති අතර දැඩි පියවර අඛණ්ඩව අනුගමනය කෙරෙන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ටේ්‍රලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ජනාධිපතිවරයා – අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ.

රටේ වත්මන් ආර්ථික තත්වය සහ නීතිවිරෝධී මිනිස් සංක්‍රමණ පිළිබඳ මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »