03 වන එක්දින තරගයෙන් ලංකාවට කඩුලු 06 ක විශිෂ්ඨ ජයක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 06 ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 291 ක්.

ට්‍රැවිස් හෙඩ් නොදැවී 70 යි.

නායක ඒරන් ෆින්ච් 62 ක්ද ඇලෙක්ස් කේරි 49 ක්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ළකුණු 49 කට කඩුලු 03 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකාව පන්දුවර 48 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

තරගයේ වීරයා වූ පැතුම් නිස්සංක 137 යි. මෙය ඔහුගේ පළමු එක්දින ශතකයද වනවා.

කුසල් මෙන්ඩිස් 87 ක් රැස්කලා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ළකුණු 170 ක්.

පන්දු යැවීමේදී ජායි රිචර්ඩ්සන් ළකුණු 39 කට කඩුලු 02 යි.

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවති 100 වන එක්දින තරගය මෙය වන අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් හඹාගොස් ජයගත් වැඩිම ළකුණු සංඛ්‍යාවද මෙය වනවා.

මේ අනුව තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

දෙරට අතර 04 වන එක්දින ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »