බෝට්ටු ගමන වැරදුණු තවත් 41 ක් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර කටුනායකට

NAVY BOAT

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , ක්‍රිස්මස් දූපතේ රදවා තබා නැවතත් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

මොවුන් මීගමුව, මුලතිව්, හලාවත, උඩප්පුව, තොඩුවාව සහ මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිසෙන් 35 දෙනෙකු වැඩිහිටියන් වූ අතර අනෙක් 06 දෙනා අවුරුදු 16 ට අඩු ළමුන් වනවා.

මෙම ශ්‍රී ලාංකිකයන් ක්‍රිස්මස් දූපතේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ අතර 100 කට අධික ඔස්ටේ්‍රලියානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූණා.

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ රාත්‍රී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් මාලන් ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම ශ්‍රී ලාංකිකයන් අතර සිටි 37 දෙනෙකු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම මුහුදු ගමන සංවිධාන කිරීමට ඍජුවම දායක වූ 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

නඩුව ලබන 30 වනදා යළිත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවීමට නියමිතයි.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »