VIDEO : අතුරුගිරියේ පිරවුම්හලක පොලිසිය ජනතාව ගැටේ / පොලිසියේ 06 ක් රෝහලේ – 09 ක් අත්අඩංගුවට

අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකදී පොලීසිය සමග ගැටුමක් ඇතිකරගත් පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් කුපිත වී පිරවුම්හලේ ආරක්ෂිත වැට

කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.

එහිදී පිරිස පාලනය සඳහා පොලිසිය පියවර ගෙන තිබුණා.

එහිදී සිදුවූ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 06 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »