අගමැති ඇල්බනීස්ගේ පළමු ජාතික කැබිනෙට්ටුවේදීත් Skilled Visa ගැන අවධානය

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අගමැතිවරයා ලෙස සහභාගී වූ පළමු ජාතික කැබිනට් රැස්වීම අද පැවැත්වුණා.

එහි වැඩිම අවධානයක් යොමුකර තිබුණේ සෞඛ්‍ය සහ සංක්‍රමණය පිළිබඳවයි.

පුහුණු නිපුණතා සේවක හිගය මගහරවාලීමට ගත හැකි පියවර ජාතික කැබිනෙට්ටුවේදී වැඩි අවධානයක් යොමුකල කරුණක් වී තිබුණා.

ජාතික පුහුණු නිපුණතා වැඩපිළිවෙලක් සකස් කිරිමටයි ජාතික කැබිනෙට්ටුව මෙහිදී එකග වී ඇත්තේ.

කෙටිකාලීන විසඳුමක් ලෙස දැනට ගොඩගැසී පවතින පුහුණු නිපුණතා වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර කොවිඩ් අරමුදල් වෙන් කිරිම ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමටද ජාතික කැබිනෙට්ටුව එකගතාවය පළකලා.

ඒ යටතේ වෙන් කෙරෙන අමතර මුදල ඩොලර් මිලියන 760 ක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »