පල්ලේකැලේ තරගයේදී බීමත්ව කළහ කල සරසවි සිසුන් 04 ක් අත්අඩංගුවට

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලදී කලහකාරී ලෙස හැසිරුණු පේරාදෙණි විශ්ව විද්‍යාල සිසුන් 03 දෙනෙකු සහ විශ්ව විද්‍යාල සිසුවියක පල්ලේකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් වන වයස අවුරුදු 24 සහ 28 හැවිරිදි වියේ පසුවන අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රවේශපත් පරීක්ෂා කරන අවස්ථාවේදී බීමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කලා.

එහිදී පොලිස් නිලධාරීන් එම පිරිස පාලනය කිරීමට උත්සාහ කිරීමේදී එම පිරිස අතර සිටි කිහිපදෙනෙකු රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑමක් සිදුකළ බවත් පොලීසිය විසින් පසුව එම සැකකරුවන් 03 දෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.

සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »