නොමිළයේ LG රූපවාහිනී ව්‍යාජ POST එකට නොරැවටෙන්නැයි දැනුම් දීමක්

ALDI සුපිරි වෙළඳසැල් හරහා නොමිළයේ LG රූපවාහිනී ලබාගත හැකි බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ POST එකක් සම්බන්ධයෙන් ALDI විසින් අනතුරු අගවා සිටිනවා.

ALDI සේවකයන් පිරිසක්ද නිරූපණය වන ලෙසයි මෙම ව්‍යාජ post එක නිර්මාණය කර ඇත්තේ.

සිය ගබඩා වෙත ප්‍රවාහනයේදී රූපවාහිනී සිය ගණනක් සීරිම් ඇතුලු විවිධ ආපදාවන්ට ලක්ව ඇති බවද ඒවා නොමිළයේ ලබාගත හැකි බවද මෙහි සඳහන්.

ඒ අනුව හෙට දිනයට පෙර ලියාපදිංචි වී මෙම රූපවාහිනී දිනා ගන්නා ලෙසයි අදාළ post එකෙහි දක්වා ඇත්තේ.

දැනටමත් 7000 කට වැඩි පිරිසක් මෙම ව්‍යාජ එකට ප්‍රතිචාර දක්වා ඇති අතර 2000 ක් පමණ comments පළකර තිබෙනවා.

ලියාපදිංචි වන ලෙස පළකර ඇති Link එක හරහා ඔබේ පුද්ගලික හා සංවේදී තොරතුරු ලබාගත හැකි බැවින් වඩාත් විමසිලිමත් වන ලෙස ALSI විසින් දන්වා සිටී.

 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »