අධ්‍යාපන – සංක්‍රමණ තොරතුරු රැසක් සමග Tingo Education & Migration Information Day ලබන 16 දා

Tingo Education Australia සංවිධාන කරන අධ්‍යාපන සහ සංක්‍රමණ තොරතුරු දිනය – “Education & Migration Information Day” අඛණ්ඩව 02 වන වරටත් මෙවරත් සංවිධාන කර තිබෙනවා.

ලබන 16 වනදා පස්වරු 01 සිට පස්වරු 05 දක්වා Level 5/555 La Trobe St, Melbourne VIC 3000 හි පිහිටා ඇති William Angliss Conference Centre හිදී එය පැවැත්වෙනු ඇති.

අධ්‍යාපන අවස්ථා – ශිෂ්‍යත්ව – වට්ටම් සහිත පාඨමාලා ගාස්තු – ස්ථිර පදිංචියට ඇති මාර්ග වැනි කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇති.

විශ්ව විද්‍යාල – TAFE සහ පාසල් 20 කට වැඩි සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතයි.

පාඨමාලා වෙනස් කර ගැනීම සම්බන්ධ උපදේශාත්මක තොරතුරු සහ සංක්‍රමණ නියෝජිතයන් සමග One-on-One ක්‍රමයට පැවැත්වෙන උපදේශන සැසි මෙහිදී සංවිධාන කර තිබෙනවා.

ශිෂ්‍ය වීසා – TR අයදුම්පත් සහ Tax Lodgment සඳහා වවුචරපත් 100 ක් බැගින් දිනාගැනීමටත් ඔබට මෙහිදී අවස්ථාව උදාවනවා.

ඇතුලුවීම සම්පූර්නයෙන්ම නොමිළයේ වන අතර පහත Link එකට පිවිසීමෙන් ඔබටත් ලියාපදිංචි විය හැකියි.

https://www.eventbrite.com.au/e/education-migration-expo-2022-tickets-356852564627?fbclid=IwAR1vHqt4L80SWAw-WqiukuvFFVfoLIoFDXOJwMp0j_q30qmurT6GxxTi5Zk

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »