NSW රාජ්‍ය සේවකයන් සඳහා Parental Leave ක්‍රමයට සංශෝධන රැසක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා Parental Leave ක්‍රමයට සුවිශේෂී සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දරුවා උපත ලැබීමෙන් පසු මව සහ පියා යන දෙදෙනාටම සති 14 ක වැටුප් සහිත නිවාඩු හිමිවීමට නියමිතයි.

දැනට බලාත්මක ක්‍රමය වන්නේ දෙදෙනාම රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම් එක් අයෙකුට පමණක් සති 14 ක නිවාඩුවක් හිමිවීමයි.

ලබන ඔක්තෝබර් මාසයේ සිට ප්‍රාන්තයේ ඕනෑම රාජ්‍ය සේවකයකුට කිසිදු බාධාවකින් තොරව මෙම වරප්‍රසාදය උදාවනවා.

මීට අමතරව සුවිශේෂි අවස්ථාවක් වෙතොත් තවත් අමතර සති 02 ක නිවාඩු කාලයක්ද ලබාදීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර සිටින්නේ.

දරුවාගේ උපතේ සිට වසරක් යනතුරු පමණක් දක්වා ගතහැකිව තිබූ මෙම නිවාඩුව වසර 02 ක් දක්වා දිගු කිරීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »