එක්දින සේවා ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දමයි

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම ඊට හේතුවයි.

සාමාන්‍යයෙන් දෛනිකව එක්දින සේවාව යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය දෙදහසක් පමණ වනවා.

එම ප්‍රමාණය 3,500 ක් දක්වා ඉහළ දැමීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ.

ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සේවා මුර දෙකක් යටතේ කැඳවීමට ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවාමුර 02 ක්‍රියාත්මකයි.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ සිට සියලූ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාද සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල ක්‍රියාත්මක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේම සියලූ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වනවිට පවතින තදබදය අවමකර ගැනීමට හැකිවනු ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »