දැනට ගොඩගැසී ඇති skilled visa අයදුම්පත් හැකි ඉක්මණින් සළකා අවසන් කිරීමට යයි

දැනට ගොඩගැසී ඇති පුහුණු නිපුණතා වීසා (skilled visa) අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කරන ලෙස සංක්‍රමණ අමාත්‍ය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

අනෙක් සියලු කාර්යයන්ට වඩා ඊට ප්‍රමුඛතාවය දෙන ලෙසයි අමාත්‍යවරයා විසින් දන්වා ඇත්තේ.

කොවිඩ් වසංගතය ආරම්භයත් සමග ඔස්ටේ්‍රලියාවට පුහුණු නිපුණතා සංක්‍රමණිකයන් පැමිණීම කැපී පෙනෙන ලෙස පහළ ගියා.

එහි ප්‍රථිඵලයක් ලෙස මේ වනවිට ක්ෂේත්‍ර රැසක දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා.

2014 දී 195,000 ක් ලෙස සිටි පුහුණු නිපුණතා වීසා ලාභීන් ගණන මේ වනවිට 96,000 ක් වැනි පහළ අගයක් ගෙන ඇත්තේද ඒ අනුවයි.

මෙම තත්වය හැකිතාක් ප්‍රකෘති තත්වයට ගෙන ඒම නව රජයේ සැලසුම වී තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »