කැන්ගරු සටනට ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

CRICKET

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තවයි. පැතුම් නිස්සංක / ධනුෂ්ක ගුණතිලක / කුසල් මෙන්ඩිස් / චරිත් අසලංක/ ධනංජය සිල්වා හා දිනේෂ් චන්දිමාල් සංචිතයට ඇතුලත්.

භානුක රාජපක්ෂ / නිරෝෂන් දික්වැල්ල / වනිදු හසරංග / චාමික කරුණාරත්න / දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු සංචිතයට ඇතුලත් වනවා.

19 න් පහල කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙම සංචිතයට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

සංචිතයේ සෙසු සාමාජිකයන් වන්නේ නුවන් තුෂාර / රමේෂ් මෙන්ඩිස් / මහීෂ් තීක්ෂණ / ප්‍රවීන් ජයවික්‍රම/ ජෙෆ්රි වැන්ඩර්සි / ලහිරු මධුසංඛ/ හා ප්‍රමෝද් මධුෂාන්.

සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »