ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා පළමු T20 තරගය අද

CRICKET

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය ආරම්භ වන්නේ.

අද තරගය සදහා පූර්ණ ප්‍රේක්ෂක ධාරිතාවයක් සදහා අවස්ථාව හිමිවන අතර තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්.

ඔස්ටේ්‍රලියාව ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පස්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් අද තරගයට එක්වන අතර ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිළේ නායකයායි.

ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස තරගාවලියට තරග 03 ක් ඇතුලත් වන අතර දෙවන හා තුන්වන තරග පිළිවෙලින් හෙට හා ජූනි 11 වනදා පැවැත්වීමට නියමිතයි.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »