අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අත්හිටවූ සිර දඩුවමක්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට වසර 05 කට අත්හිටවූ වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ පුද්ගලයෙකුට තර්ජනය කර මුදල් ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලවයි.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරයෙන් ගත් බව කියන සිද්ධියට අදාලව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි එය දන්වා සිටියේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මෙම මුදල ගත් බවටයි වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග –

ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ ඥාතියෙකුට එරෙහිව මෙම නඩුව විභාග කෙරුණේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »