කටාර් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

කටාර් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලාංකිකයෙකු වන රිස්ලාන් ඉක්බාර් පත් කර තිබෙනවා.

මීට පෙර ඔහු කටාර් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙසද කටයුතු කළා.

37 හැවිරිදි රිස්ලාන් ඉක්බාර් 2001 වසරේ සිට 2004 වසර දක්වා මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබෙනවා.

2004 වසරේදී ඔහු වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටෙත් පැවැති විස්සයි විස්ස තරග වලටද ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු කටාර් ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වී ඇත්තේ 2010 වසරේදීයි.

රිස්ලාන් ඉක්බාර් කඩුලු රකින්නෙකු සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස කටාර් ක්‍රිකට් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »