ඔස්ටේ්‍රලියානු මූල්‍ය ආයතන අභිබවා Jett Finance වෙත සම්මාන 03 ක්

My Local Broker 2021 වාර්ෂික සම්මාන උළෙලේදී සම්මාන 03 කින් පිදුම් ලැබීමට ජෙට් ෆයිනෑන්ස් සමූහය සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන සමත් වී තිබෙනවා.

Mitchelton Winery හිදී පසුගිය 23-25 දිනවල මෙම වැඩසටහන පැවති අතර සම්මාන උළෙල පැවැත්වුණේ 24 වනදායි.

පසුගිය වසරේ මූල්‍ය ආයතන විසින් පෙන්නුම් කරන ලද කාර්ය සාධනය (Performance) සළකා බැලීමේදී හොඳම කාර්ය සාධනය පෙන්නුම් කිරීම සඳහායි වෙත මෙම සම්මාන ත්‍රිත්වය පිරිනමා ඇත්තේ.

තමන් ලද ජයග්‍රහණය පිළිබඳ AusලංකාTV වෙත අදහස් දක්වමින් හසිත ධර්මසේන මෙසේ පවසා සිටියා.

“මේ ජයග්‍රහණය පිළිබඳ මම අතිශය සතුටු වෙනවා. මගේ බිරිඳ – කාර්ය මණ්ඩලයේ උත්සාහය සහ කැපවීම මත තමයි මේ ජය ලබාගන්න පුලුවන් උණේ.

ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාවට ඇවිත් මෙහි ආයතනයක් ආරම්භ කරලා ඔස්ටේ්‍රලියානුවන් සමග කරට කර කටයුතු කරලා ඔවුන් අභිබවා ජයක් ලැබීම සුවිශේෂයි.

මගේ ගණුදෙනුකරුවන්ටත් උපරිම ප්‍රණාමය පුදකරනවා. මේක ඔස්ටේ්‍රලියාවේ සමස්ත ශ්‍රී ලංකා ප්‍රජාව ලබපු ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න කැමතියි”

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »