අමතර ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 කට කොවිඩ් 04 වන එන්නත

කොවිඩ් මර්දන 04 වන එන්නත සඳහා අමතර ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 ක් සුදුසුකම් ලබන යෝජනාවකට ATAGI හෙවත් ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශන කමිටුව විසින් අනුමැතිය දී තිබෙනවා.

අන්තර්වාර සෞඛ්‍ය අමාත්‍ය Katy Gallagher පැවසුවේ තමාද මේ සම්බන්ධයෙන් දැනුවත් බවයි.

මේ අනුව අයහපත් සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන සහ විවිධ ආබාධ සහිත පුද්ගලයන්ද 04 වන කොවිඩ් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇති.

ලබන 30 වනදා සිට ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළ සියලුම ජනතාවට තවමත් 04 වන එන්නත ලබාගැනීමට අවසර හිමිවී නැහැ.

Katy Gallagher සඳහන් කලේ අවශ්‍ය එන්නත් ප්‍රමාණය රට සතුව පවතින බවයි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »