ඔස්ට්‍රේලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඇල්බනීස් දිවුරුම් දෙයි

ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese අද (23/05) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරයාගේ නිවසේ පැවති උත්සවයකදී ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් David Hurley ඉදිරියේ Anthony Albanese ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

ඔහුට අමතරව කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙකුද නව රජයේ අමාත්‍යවරුන් ලෙස අද දිවුරුම් දුන්හ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව නියෝජ්‍ය අගමැති ලෙස Richard Marles ද නව භාණ්ඩාගාරික අමාත්‍යවරයා ලෙස Jim Chalmers ද මුල්‍ය අමාත්‍යවරිය ලෙස Katy Gallagher ද විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස Penny Wong ද අද දිවුරුම් දුන්හ.

නව අගමැතිවරයා හෙට (අගහරුවාදා) ජපානය බලා පිටත්ව යනවා.

ඒ Quad සාමාජික රටවල් හෙවත් ජපානය – අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහායි.

යළිත් බදාදා දිනයේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඇල්බනීස් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ සෙසු කටයුතු සම්පූර්ණ කිරීමට නියමිතයි.

ඉදිරි සති කිහිපයේදී සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් සමග වෙන වෙනම සාකච්ඡා කිරීමටත් නව අගමැතිවරයා තීරණය කර තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »