පරාජය භාර ගැනීමට තවමත් සූදානම් නෑ – Josh Frydenberg

Kooyong ආසනයේ පරාජය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසනවා.

තැපැල් ඡන්ද 16,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ගණන් කිරීමට ඉතිරිව පවතින බවත් එහි ප්‍රතිශතය සියයට 12 කට ආසන්න බවත් ඔහු පෙන්වා දෙනවා.

එබැවින් ඉතා දුෂ්කර වුවද Kooyong ආසනය දිනාගැනීමට තමන්ට තවමත් අවස්ථාව පවතින බවයි පෙන්වා දෙන්නේ.

Kooyong ආසනයේ ඡන්දවලින් සියයට 70 කට ආසන්න ප්‍රතිශතයක් පමණක් මේ දක්වා ගණන් කර අවසන් අතර ස්වාධීන අපේක්ෂිකා Monique Ryan සියයට 54.4 ක් ලබා ඉදිරියෙන් පසුවනවා.

Josh Frydenberg ට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 45.6 ක්.

මැතිවරණ පරාජයට අගමැති ස්කොට් මොරිසන් පමණක් වගකිව යුතු නැතැයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලා.

දුෂ්කර කාලවකවානුවකදී ස්කොට් මොරිසන් විසින් ලිබරල් පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ඉදිරියට ගෙන ගිය බවයි ඔහු පෙන්වා දුන්නේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »