ඔස්ටේ්‍රලියාව එක්සත් කර ලොව ශක්තිමත්ම රටක් කරනවා – ලේබර් නායක ඇල්බනීස්

ඔස්ටේ්‍රලියාව එක්සත් කිරීම තම මූලික අරමුණ බව ෆෙඩරල් මැතිවරණයෙන් ජයගත් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

සිඩ්නි හි සිය පුද්ගලික නිවස අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ පුද්ගලයන් ඛෙදා වෙන් කිරීමෙන් කිසිදු ජයක් අත්කර ගත නොහැකි බවයි.

එකම ජාතියක් ලෙස ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

ලේබර් පක්ෂ නායකයා මේ වනවිට පක්ෂයේ ප්‍රචාරක මූලස්ථානයට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරත වනවා.

කම්කරු පක්ෂය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk කම්කරු පක්ෂයේ නායක Anthony Albanese වෙත සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන Albanese හට ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පතා ඇත.

සියලුම ක්වීන්ස්ලන්ත වැසියන්ගේ අවශ්‍යතා සඳහා නව අගමැතිවරයා සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය එහි සඳහන් කර තිබේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »