ලේබර් ආණ්ඩුවක් එන ළකුණු – මීළග අගමැති ඇල්බනීස් ?

ඔස්ටේ්‍රලියාවේ මීලග රජය ලේබර් පක්ෂය විසින් පිහිටුවනු ඇති බවට ජාතික මාධ්‍ය අනාවැකි පළකරනවා.

මේ වනවිට නිකුත්කර ඇති ප්‍රථිඵල අනුව කම්කරු පක්ෂය කැපී පෙනෙන බහුතරයක් අත්කරගෙන සිටීම ඊට හේතුවයි.

සෙනෙට් සභාවේ ආසන 76 ක් දිනාගැනීමේ සටනේ මේ වනවිට ලේබර් පක්ෂය ආසන 68 ක් දිනාඇති අතර ලිබරල් සන්ධානය දිනා ඇත්තේ 46 ක් පමණයි.

කෙසේවෙතත් තවමත් ඡන්ද ගණන් කරමින් පවතින අතර ආසන මට්ටමේ කිසිදු ජයග්‍රාහකයෙකු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ඇතුලු ලිබරල් රජයේ ඇමතිවරුන් ගණනාවක් සිය අසුන රැකගැනීමට අසීරු මට්ටමක සිටින බව සඳහන්.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »