උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව හෙළිවෙයි

DOLLAR-MONEY.

උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව අද නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙනවා.

මාර්තු මාසයෙන් අවසන්වූ මාස 12 තුළදී වැටුප් දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 2.4 කිනුයි.

එහෙත් මෙම කාලයේදී ජීවන වියදම සියයට 5.1 කින් වැඩිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ.

2018 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ජාතික වැටුප් දර්ශකය සටහන් කල ඉහළම අගයද මෙය වීම විශේෂත්වයක්.

මාර්තු මාසයෙන් අවසාන වූ කාර්තුව තුළ ඔස්ටේ්‍රලියාව තුළ පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමේ අගය සියයට 3.4 ක් ලෙස වාර්තාවනවා.

https://www.9news.com.au/national/australia-wage-price-index-lower-than-expected-below-inflation/74f10a89-b744-4d29-afb2-4f4710e9dbc3

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »