ජොන්ස්ටන් – සනත් නිශාන්ත – දේශබන්දු – ඩෑන් ප්‍රියසාද් ඇතුලු 22 ක් අල්ලන්න නියෝග

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල මහජන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුලු 22 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිඛෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම පිරිසට අයත්. මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු – මහින්ද කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් යන දෙදෙනාද මෙම 22 දෙනා අතරට අයත් වනවා.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවල උදෘත තම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවයි.

එම උදෘත විමර්ශනයට ලක් කිරීමේදී මෙම පුද්ගලයින් අදාළ අපරාධය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති අතර ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී තිඛෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත ඇතුළු සංක්ෂිප්ත තොරතුරු සමීපව සළකා බැලීමෙන් අනතුරුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දීමට පියවර ගනු ඇතැයි නීතීපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කලා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය නීතීපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කරන බවත් ඉන් අනතුරුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගතයුතු වැඩිදුර පියවර සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීමට පියවර ගන්නා බවත් සඳහන්.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »