මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමඟ දිගින් දිගටම සාකච්ඡා කලත් නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් ඔහු පැවසීය.

ඒ අනුව පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට සමගි ජන බලවේගය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බවත් ඔහු පැවසීය.

තමන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »