මෙල්බන් නගරයට ඇල්බනීස්ගෙන් නව දුම්රිය පද්ධතියක්

ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් මෙල්බන් නගරය තුළ ඩොලර් බිලියන 2.2 ක නව ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනිස් පවසනවා.

විශේෂයෙන් උප නාගරික කලාපය තුළ නව දුම්රිය පද්ධතියක් ඇති කිරීම සඳහායි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ.

මේ සඳහා පූර්ණ සහය දෙන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස්ද සහතික වී තිබෙනවා.

ප්‍රාදේශීය කලාප වල ඉදි කෙරෙන නව දුම්රිය පද්ධතිය නාගරික කලාපයේ දුම්රිය පද්ධතියට සම්බන්ධ කෙරෙන අතර අනතුරුව එය ගුවන් තොටුපළ තෙක් සම්බන්ධ කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/federal-election-2022-albanese-pledges-22-billion-boost-for-melbournes-new-train-network-suburban-rail-loop/d8b828ef-260c-4e17-aa18-8662be592335

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »