මාස 4ක් තුළ ලක්ෂයක් විදෙස් රැකියා සඳහා නික්මෙයි

වසරේ මේ දක්වා පුද්ගලයන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් විදෙස් රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් නික්ම ගොස් ඇති බව බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතනය පවසනවා.

ඉන් බහුතරයක් මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් ඇති අතර වසරේ ඉදිරි කාලය තුළ ද විදේශ රැකියා නියුක්තියේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි නියෝජිත ආයතනය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය දා නිකුත් කළ 2021 වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසර තුළ දී විදෙස් රැකියා සදහා ගිය ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 121,795ක්.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 127ක වාර්තාගත වර්ධනයක්.

එමෙන්ම, මේ වසර තුළ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 300,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »