මෙල්බන් බස් රියදුරන් 1500 ක් වැඩ වර්ජනයක

මෙල්බන් නගරයේ බස් රියදුරන් 1500 ක් පමණ මේ වනවිට සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නගරයේ නැගෙනහිර – දකුණු සහ ඊසාන දිග ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා සඳහා මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බව සඳහන්.

ඇතැම් පාසල් ප්‍රවාහන සේවා බස් රථද මෙම වර්ජනයට එක්ව සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා සමාගම් දෙක වන Ventura සහ Dyson සමග කරුණූ කිහිපයක් පිළිබඳ එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම මීට ප්‍රධාන හේතුවයි.

වැඩි වැටුප් – අතිකාල දීමනා සහ විවේක කාල යන කරුණු පාදක කරගෙනයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »