මෙල්බන් බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට වර්ජනයක

මෙල්බන් නගරයේ බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට එනම් සිකුරාදා දිනයේ වැඩවර්ජනයක නිරතවීමට සැළසුම් කර තිබෙනවා.

එමගින් බස් මගීන්ට දැඩි දුෂ්කරතා එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා සමාගම් දෙක වන Ventura සහ Dyson සමග කරුණූ කිහිපයක් පිළිබඳ එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම මීට ප්‍රධාන හේතුවයි.

රියදුරන් 3000 ක් පමණ මෙම වර්ජනයට එක් වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වැඩි වැටුප් – අතිකාල දීමනා සහ විවේක කාල යන කරුණු පාදක කරගෙනයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »