ලංකාව IMF යාම ගැන චීනය කණස්සල්ලෙන්

NALAKA GODAHEWA

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා පවසයි.

“අපි දැනටමත් දැනුම් දීලා තියෙනවා අපේ ණය හිමියන්ට අපට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා.

ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවිට අපි දන්නවා අපට ණය දෙන කඳවුරු කිහිපයක් තියෙනවා. එකක් තමයි බටහිර. අනෙක තමයි චීනය වගේ රටවල්.

එතකොට බටහිර රටවල් බොහෝදුරට මේ IMF එකෙන් දැනට ලැබිලා තියෙන අනුමැතියත් එක්ක මේ කාරණයට සාධනීය ලෙස සහාය දෙන්න ඉඩ තිබුණත් චීනය දැනට දක්වන ස්ථාවරය තමයි, ඔවුන් ලෝකය පුරාම විවිධ රටවලට ණය දීලා තිබෙන නිසා එක රටක පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් බලපානවායි කියලා.

ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට අපේ දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නේ”

අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුමේදී ය.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »