ශ්‍රී ලංකාව බංකොළොත් – ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම සී සී මට්ටමේ සිට බංකොළොත් තත්වය දක්වා පහත හෙළා තිබෙනවා.

ඒ ඩොලර් බිලියන 1.25 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ශ්‍රී ලංකාව විසින් පියවීම පැහැර හැරීම හේතුවෙනුයි.

පසුගිය අප්‍රේල් 18 වනදා කල් ඉකුත්වන ලද මෙම බැඳුම්කරයට අදාළ ගෙවීම් කිරීම සඳහා ලබන මැයි 18 වන දින දක්වා කල් පවතිනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව විසින් එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන්ව නිශ්චිත වැඩපිළිවෙලකට යන තුරු විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා තීරණය කරනු ලැබුවේ.

S&P cuts Sri Lanka sovereign rating to selective default (SD)

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »