ඇමැති කැඳවූ සාකච්ඡාව මහේල සහ සංගක්කාර වර්ජනයේ

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 වෙනිදා) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ එම සභාවේ හිටපු සාමාජික කුමාර් සංගක්කාර සහභාගි වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරු 10.30ට පමණ පවත්වන ලද එම සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණි.

ඔවුන් දෙදෙනා මේ වන විට අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ පුහුණු කාර්යය මණ්ඩලයට අනියුක්තව කටයුතු කරමින් සිටින නිසා සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන්ව අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණද ඔවුන් දෙදෙනා එම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී නොමැති අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වා ගෙන ගොස් ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනකු ඒ සඳහා සම්බන්ධ වී ඇති අතර හිටපු නිලධාරීන් නැවත ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඇමැතිවරයා එහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසීමට ලක් කර ඇත.

නිලධාරීන් සියලු දෙනා මේ සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැති හෙයින් සියලු දෙනාගෙන් ඒ සඳහා පුද්ගලිකව අදහස් විමසීම වඩාත් උචිත බව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ඇමැතිවරයාට පිළිතුරු සපයා ඇත.

ඒ අනුව ඇති කර ගත් එකඟතාවය මත සාකච්ඡාව අවසන් වී තිබෙන අතර ඉදිරියේ දී ඊට අදාළ කටයුතු ඇමැතිවරයා විසින් සිදු කෙරෙණු ඇති බව වාර්තා වේ.

– දිවයින

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »