ලාංකිකයන් 60 දෙනකු රට දාලා බෝට්ටුවෙන් ගිය ගමන

මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පුද්ගලයින් 18 දෙනෙකු අද උදෑසන බෝට්ටු මගින් ධනුෂ්කොඩි වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

මන්නාරම ප්‍රදේශයෙන් පවුල් 3කට අයත් පුද්ගලයන් 13 දෙනෙකු, යාපනය ප්‍රදේශයෙන් එක් පවුලකට අයත්

පුද්ගලයින් 4 දෙනෙකු සහ එක් පුද්ගලයෙකු මෙලෙස තමිල්නාඩුව බලා ගොස් තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 42 දෙනෙකු බෝට්ටු මගින් තමිල්නාඩුව බලා පිටත්ව ගොස් ඇත.

මෙම පිරිසත් සමග එම සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »