පැයට කි.මී 251 ක වේගයෙන් මෝටර් රථය පැදවූ කාන්තාවක ගැන වික්ටෝරියා පොලිසියෙන් නීතිමය පියවර

පැයට කිලෝමීටර් 251 ක වේගයෙන් මෝටර් රථය පදවාගෙන ගිය කාන්තාවක සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

Hallam හි පදිංචි 42 හැවිරිදි මෙම තැනැත්තිය Woodend ආසන්නයේ Calder Freeway හිදීි පොලිසිය විසින් අද අලුයම 12.30 ට පමණ නිරීක්ෂණය කර ඇත්තේ.

එහි වේග සීමාව පැයට කිලෝමීටර් 110 ක් වුවද ඇය පැ.කි.මී 140 ඉක්මවා ධාවනයේ නිරතවී තිබෙනවා.

පසුව Kyneton හිදී මෙම තැනැත්තිය පොලිසිය විසින් නැවත නිරීක්ෂණය කර ඇත්තේද ජංගම දුරකථනය භාවිත කරමින් රිය පදවමින් සිටින අතරතුරදියි.

අධි වේගයෙන් රිය පැදවීම – දුරකථන භාවිත කර රිය පැදවීම ඇතුලු චෝදනා ගණනාවක් යටතේ මෙම කාන්තාවට එරෙහිව චෝදනා ගොණු කිරීමට නියමිතයි.

https://www.9news.com.au/national/police-lost-for-words-after-detecting-speeding-driver-allegedly-travelling–at-251kmh-on-easter-sunday/52d978e6-d32c-411f-a0a5-aa2bb1242054

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »