ශ්‍රී ලංකාව ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවයි

CBSL

බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය සහිතව විදෙස් ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපේක්ෂාවෙන් මෙලෙස ශ්‍රී ලංකාව විසින් ණය පියවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙරට ආර්ථික ගැලපුම් වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් සහ එකඟතාවන්ට අනුකූල අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වනවා.

එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »