යුරෝපා සංගමයෙන් ලංකාව ගැන විශේෂ නිවේදනයක්

සාමකාමී අයුරින් රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් බැවින් සියලූ පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටිනවා.

ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස දකින බවයි ඔවුන් නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමුකරන ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර සිටිනවා.

මෙම අවස්ථාවේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බවද මෙම නිවේදනයේ සඳහන්.

එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමුකරගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව ද යුරෝපා සංගමය අවධාරණය කර සිටිනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »