වික්ටෝරියානුවන් වාහන භාවිතය අතහැර e-sccooter භාවිතයට යන ළකුණු

පෙට්‍රල් මිළ ගණන් තවදුරටත් ඉහළ අගයක පැවතීම හමුවේ e-scooter භාවිතයට පෙළඹී ඇති වික්ටෝරියාවාසීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙල්බන් නාගරික කලාපයේ මෙන්ම Ballarat වැනි ප්‍රදේශවල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති බවයි නවතම දත්ත හෙළිකරන්නේ.

Ballarat, Melbourne, Yarra සහ Port Phillip යන නගර කවුන්සිල බල ප්‍රදේශවල භාවිතය අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

පසුගිය සති 02 ක කාලය සැළකීමේදී එම සංඛ්‍යාව සියයට 16 කින් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

බොහෝ පිරිසක් සිය ගමන ආරම්භ කරනු ලබන්නේ දුම්රිය ස්ථානය අසළින් බවද මෙහිදී තහවුරු වී තිබෙනවා.

දැනට මෙල්බන් නගරයේ සිටින භාවිත කරන්නන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇති බවටද අනාවරණ වී ඇති බවයි මෙම වාර්තාව හෙළිකර ඇත්තේ.

https://www.abc.net.au/news/2022-04-08/e-scooter-trips-on-the-rise-amid-high-fuel-prices-victoria/100970402

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »