යුක්රේන ජනපති ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අමතයි – අගමැතිගෙන් තවත් $ මිලියන 25 ක්

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මීට ටික වේලාවකට පෙර ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අමතනු ලැබුවා.

ඊට පෙර අගමැති ස්කොට් මොරිසන් විසින් පාර්ලිමේන්තුව අමතනු ලැබූ අතර ඔහු කියාසිටියේ යුක්රේනයට තවත් අමතර ඩොලර් මිලියන 25 ක යුධමය ආධාර ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර ඇති බවයි.

මේ අනුව ඔස්ටේ්‍රලියාව විසින් යුක්රේනයට ලබාදුන් සමස්ත යුද ආධාරය ඩොලර් මිලියන 116 දක්වා ඉහළ යනු ඇති.

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව ඇමතීමට පෙර යුක්රේන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවීම විශේෂත්වයක්.

වොලොඩිමිර් සෙලෙන්ස්කි ඉල්ලා සිටියේ තම රටට තවත් සහය අත්‍යවශ්‍ය බවයි.

රුසියානු හමුදාවන් සිවිල් වැසියන් හා කුඩා ළමුන් පවා ඝාතනය කරමින් සිටින බවටයි ඔහු චෝදනා කලේ.

යුක්රේන වාසීන්ගේ සිහින විනාශ කර දැමිය නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කලා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »