අඩු වැටුප් සේවකයන්ට 05 % ක වැටුප් වැඩිවීමක් දෙන ලෙස Fair Work කොමිසමට ඉල්ලීමක්

අඩු වැටුප් ලබන සියලුම සේවකයන්ට සියයට 05 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති සම්මේලනය Fair Work කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව පැයක අවම වැටුප ඩොලර් 21.35 දක්වා ඉහළ නංවන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එසේ වුවහොත් අවම වාර්ෂික වැටුප ඩොලර් 42,183 දක්වා ඉහළ යනු ඇති බවද Fair Work කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු ලියවිල්ලේ සඳහන්.

ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ මෙවැනි වැටුප් වැඩිකිරීමක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවද ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරනවා.

2020/21 වසරේදී පැයක අවම වැටුප සියයට 2.5 කින් වැඩි කෙරුණේ පැයක අවම වැටුප ඩොලර් 20.33 ක් දක්වායි.

ඒ අනුව මේ වනවිට සතියක අවම වැටුප පවතින්නේ ඩොලර් 772.60 ක් ලෙසයි.

https://www.7news.com.au/news/social/actu-pushes-for-5pct-wage-rise-for-workers-c-6270299

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »